
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව මෙරට රාජ්‍ය ආයතන විදේශ රටවල් සමග අත්සන් තබා ඇති ගිවිසුම් අධ්‍යයනය කර, ඉන් රටට අනතුරුදායක ගිවිසුම් ඇත්නම් ඒවා අහෝසි කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විටත් එවැනි ගිවිසුම් 150ක් පමණ හඳුනාගෙන ඇති අතර, ඉන් බහුතරය චීනය සමග අත්සන් කළ ඒවා බව බව හෙළිවී ඇත.
මෙරට විශ්වවිද්‍යාල, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන හා ඇතැම් අමාත්‍යාංශ මෙසේ ගිවිසුම් අත්සන් කර ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම ගිවිසුම් ප්‍රකාරව විදෙස් රටවල නියෝජිතයන්, අධ්‍යයනයන් සඳහා යැයි කියමින් මෙරටට පැමිණ මාස ගණන් රැඳීසිටීමට නියමිතය.
මින් ඉදිරියට එවැනි ගිවිසුම්ගතවීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා අනුමැතිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයටද යොමුකළ යුතු බවට විදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.
මෙතෙක් අත්සන් කරන ලද ගිවිසුම් ගැන වෙනමම අධ්‍යයනය කර රටට අහිතකර ගිවිසුම් ඇත්නම් වහාම ඒවායින් ඉවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් ලබා දී තිබේ.
(මුලාශ්‍රය – අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart