
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස කොකේන් කිලෝග්‍රෑම් හතරක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෙන්යානු ජාතිකයෙක් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 300කට අධික බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
සැකකරු දෝහා සිට මෙරටට පැමිණ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහු 26 හැවිරිදි කෙන්යානු ජාතික මෝටර් රථ ව්‍යාපාරිකයෙකි.
මෙම කෙන්යානු ජාතිකයා ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ” කුකීස්” බිස්කට් අඩංගු ටින් 03 ක් තුළ කිලෝ ග්‍රෑම් 04 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය කරල් 180 ක් සගවා ගෙන පැමිණ තිබූ අතර ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Chanel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වන අවස්ථාවේ දී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart