
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුව විසින් ගැසට් කර ඇති නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සහ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සදහා විරුද්ධවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.
අද පැවති නීතිඥ සංගම් කවුන්සිල රැස්වීමේ දී, අදාළ පනත් කෙටුම්පත් දෙක සම්මත කර නොගන්නා ලෙස ආණ්ඩුවට දන්වා යැවීමටත්, එම පනත් කෙටුම්පත් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමටත් තීරණය කර ඇති බව සදහන් වේ.
අදාළ පනත් කෙටුම්පත් දෙක මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක් බව නීතිඥ සංගමයේ අදහස වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart