
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, වාණිජ බැංකුවල ‘සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය'(AWPR) පසුගිය සතියේ සියයට 15.21ක් වූ අතර වසරකට පෙර එය සියයට 26.89ක් තරම් ඉහළ අගයක් විය.
මෙම වසර මුලදී මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඛණ්ඩව මාස දෙකක් තුළ අඩු කිරීමෙන් පසුව පොළී අනුපාත වල සැළකිව යුතු අඩුවීමක් සිදුවිය.
විශේෂඥයන් පවසන පරිදි, පසුගිය මූල්‍ය සමාලෝචනයේදී මහ බැංකුව තවදුරටත් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු නොකිරීමට තීරණය කළද, ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ යනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart