
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසර අවසන් වන විට දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක් රුපියල් 850 ත් 900ත් අතර මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසයි.
කුකුළු මස් මිල වහාම රුපියල් 200කින් පහත දමන්නැයි ඇමැතිවරයා කුකුළු මස් නිෂ්පාදකයන්ට දෙනුම් දී ඇත. එසේ නොකළහොත් කුකුළු මස් ආනයනය කිරීමට රජය කටයුතු කරන බවද ඔහු පවසා ඇත.
“ආණ්ඩුවක් විදියට අපි තවමත් දේශීය නිෂ්පාදකයන්ට කාලය ලබා දෙනවා ඔවුන් වැටීමෙන් වළක්වන්න.” අද සිට කුකුළු මස් මිල රුපියල් 100 කින් අඩුකිරීමට නිෂ්පාදකයන්ට රජය අවසර දී ඇති අතර ඉදිරි සති දෙක තුළ තවත් රුපියල් 100 කින් මිල අඩුකරන බව ඇමැතිවරයා සඳහන් කරයි.
එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී කුකුළු මස් නිෂ්පාදකයන් පවසා ඇත්තේ, කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 100කින් පමණක් අඩු කළ හැකි බවයි.
එහෙත් තවත් රුපියල් 100ක් අඩුකර සිල්ලර මිල 200 කින් පහත දමන ලෙස ඇමැතිවරයා ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.
දෙසැම්බර් මස අවසන් වනතුරු බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බැවින් දැනට පවතින බිත්තර මිල එලෙසම පවත්වාගෙන යෑමට දේශීය නිෂ්පාදකයන් එකඟ වන්නේ නම්, ඉදිරියේදී බිත්තර ආනයනය නතර කිරීමට රජය කටයුතු කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart