
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයෝවෘද්ධ කාන්තාවක් අපයෝජනයට ලක්කර රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු සොයා කැලණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
වරාගොඩ පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් ඊයේ අලුයම් කාලයේ මෙලෙස ඇයගේ නිවස තුළදී අපයෝජනයට ලක්වී ඇති බව පොලීසිය පවසයි.
නිවස තුළට පැමිණි පුද්ගලයකු පිහියක් පෙන්වා ඇයව අපයෝජනයට ලක්කර, ඇය පැළඳ සිටි රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් තිබෙන බව පොලීසිය අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් කැලණිය පොලිසියෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ, මේ වන විටත් කණ්ඩායම් කිහිපයක් සීසීටීවි දර්ශන පරික්ෂා කර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart