
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීඩි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10ක මුදලක් බලෙන් ලබාගත් බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
වලස්මුල්ල, රාජපුරගොඩ, මාරකැටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරික බලපත්‍රය ජූනි මස 26 වැනි දින අවසන්ව ඇති අතර, ඔහුගේ නිවෙසට පසුගිය 18 වැනිදා පැමිණි තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් එම නිවසේ තිබූ බීඩි කොළ සිය භාරයට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂ 14ක මුදලක් සුරාබදු නිලධාරීන් විසින් ඉල්ලා ඇති අතර, පසුව එම ව්‍යාපාරිකයා ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් පහර දී, ලක්ෂ 10 ක මුදලක් බලෙන් ලබාගත් බවට ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබේ.
මෙම සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart