
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරාබදු ගෙවීම් ප්‍රමාද කළ ආයතන 07ක් පිළිබඳ හෙළිදරව් වූවද, ඉන් රුපියල් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතු සමාගම් දෙකක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ක්‍රම සහ විධි කාරක සභාවේ දී අනාවරණය වී ඇත.
සෙසු සමාගම් ගෙවීම් සැලසුම් ලබා දී ඒ අනුව ක්‍රියා කරන නමුත් ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රීතු ගබඩාව යන සමාගම් ද්විත්ව ගෙවීම් සැලැස්මක් හෝ ඉදිරිපත් කර නොමැති බව මෙහිදී හෙළිවී තිබේ.
ක්‍රම සහ විධිකාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති හමුවක දී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මෙම කරුණු හෙළිදරව් කර ඇත.
එම සමාගම් ඔක්තෝබර් 15 වැනිදාට පෙර හිග බදු මුදල් ගෙවිය යුතු වන අතර, නැතහොත් ඔක්තෝබර් 30 වැනිදා වන විට එම සමාගම් බලපත්‍ර අත්හිටුවීමක් සිදුකළ යුතු බව මෙහිදී අවධාරණය කර තිබේ.
මත්පැන් නිෂ්පාදන ආයතනවලට බලපත්‍ර ලබාදීමේ දී යම් මූලික තැන්පතුවක් තබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සහ ස්ටිකර් ජාවාරම මර්දනය කිරීමට නව ඩිජිටල් ස්ටිකරයක් හදුන්වාදීමේ වැදගත්කමද මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දී ඇත.
2023 සිට මේ දක්වා ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ ව අයකරගෙන ඇති දඩ ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ද සභාපතිවරයා දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මත්පැන් බෝතල්වලට ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කිරීමේ දී වංචාව සිදුකළ ආකාරය පුළුල් ලෙස විමර්ශනය කරන ලෙස ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම දැවැන්ත වංචාව කාලයක් තිස්සේ සිදුකර ඇති හෙයින් රජයට විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වූ බව ද කමිටුව පෙන්වා දී තිබේ.
මෙම ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදුකර ඇති අතර එය කවුරුන් කොහේදී සිදුකර ඇත්දැයි තවමත් හෙළිනොවූ බව සුරාබදු දෙපාර්තමේන්තු නිළධාරීන් ප්‍රකාශ කර ඇත.
මෙම මස අවසන් වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ස්ථිර කර ගන්නා ලෙස සභාපතිවරයා එහිදී පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart