
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පස් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබේ.
මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද 2023 අංක 16 දරන මහ බැංකු පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ නව පාලක මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ශාලාවේදී රැස්ව ඇත.
අලුතින් පිහිටුවන ලද පාලක මණ්ඩලය, මුදල් නීති පනතේ (MLA) විධිවිධාන යටතේ මීට පෙර ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලය වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය කරනු ඇත.
මහ බැංකුවේ නව පාලක මණ්ඩලයේ ඊයේ රැස්වීම පහත සඳහන් සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.
අ) සභාපති ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආ) මීට පෙර මුදල් මණ්ඩලයේ ද සාමාජිකයකු ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
ඇ) මීට පෙර ද මුදල් මණ්ඩලයේ සාමාජිකයකු වූ නිහාල් ෆොන්සේකා
ඈ) ආචාර්ය රවී රත්නායක
ඉ) අනුෂ්ක විජේසිංහ
අලුතින් පිහිටුවන ලද පාලක මණ්ඩලයේ මෙම සාමාජිකයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින් ද වනු ඇත.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එහි පළමු රැස්වීම සඳහා ළඟදීම රැස්වන බව මහ බැංකු වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart