
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික චිත්‍රපට සංස්ථා පනත ප්‍රථම වරට සංශෝධනය කරමින් විදේශීයව නිෂ්පාදනය කරන ලද ‘800’ චරිතාපදාන චිත්‍රපටය සිංහලට පරිවර්තනය කිරීමට විෂය භාර ඇමැතිවරයා නිල වශයෙන් අවසර ලබා දී තිබේ.
මෙම තීරණය ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට අර්ථවත් උපහාරයක් ලෙස සළකන බවද ඇමැති බන්දුල ගුණවර්ධන පවසා ඇත.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සිංහල භාෂාවට හඬකැවීමට අවසර ලබාදී ඇත්තේ මෙම චිත්‍රපටයට පමණක් බවයි.
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට අනුව චිත්‍රපට සිංහල භාෂාවට හඬකැවීමේදී සීමාකිරීම්වලට යටත් වේ.
“මේ චිත්‍රපටය දේශීය නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් නිෂ්පාදනය කර ඇති නිසා, මේ චිත්‍රපටිය සඳහා පමණක් ජාතික චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කර උපහාර දක්වන ලෙස විෂය ඇමැතිවරයා ලෙස මම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නා.” යැයි ඇමැතිවරයා එහිදී සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart