
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙනත් රටක් කනස්සල්ලට පත්වුවද, ශ්‍රී ලංකාවට ඔත්තු බැලීමේ නෞකා නොපැමිණෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති සාගර ජාතීන්ගේ තුන්වැනි වාර්ෂික ඉන්දු පැසිෆික් දූපත් සංවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම බව ප්‍රකාශ කළේය.
ඉන්දීය ජනමාධ්‍යය විසින් ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස හඳුන්වා ඇති, ශ්‍රී ලංකාවේ නිසි අවසරයකින් තොරව තොරව මෙරටට පැමිණෙමින් තිබෙන ෂී යැන් 6(Shi yan 6) නමැති නෞකාවේ ආන්දෝලනය මධ්‍යයේ ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ක්‍රියාකාරකම් සිදුකිරීමේදී විදේශීය නෞකා හෝ ගුවන් යානා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SPO) ළඟදීම එළිදක්වනු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වාර්තා වන වැඩිදුර තොරතුරුවලට අනුව, එම පටිපාටිය මගින්, ශ්‍රී ලංකා භූමිය තුළ අවසර දී ඇති යාත්‍රා සහ ගුවන් යානා වර්ග, රට තුළ රැඳී සිටිය යුතු දින ගණන සහ සිදු කිරීමට අවසර දී ඇති ක්‍රියාකාරකම් වර්ගය නියම කරනු ලබයි.
පසුගිය වසරේ මෙරටට පැමිණි ආන්දෝලනාත්මක ඔත්තු බැලීමේ නෞකාවක් වන යුවාන්ග් වැන්ග් 5(Yuan Wang 5) සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙම මෙහෙයුම් ක්‍රියා පටිපාටිය සකස් කිරීමේ කෙරෙහි අවධානය යොමුකරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart