
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ නීතිය හා සාමය අඛණ්ඩව පිරිහෙමින් පවතින අතර, කරච්චියේ ෂා ෆයිසාල් නගරයේ කර්මාන්තශාලා සේවකයන් 70 කට අධික පිරිසක් කොල්ලකෑමට ලක් වූ බව පසුගියදා වාර්තා විය.
මෙම කොල්ලකෑමේ නිරතව ඇත්තේ යතුරුපැදි ධාවකයන් පිරිසක් වීම විශේෂත්වයකි.
සම් කම්හලක සේවක සේවිකාවන් රැගත් බස් රථයක් මෙම පිරිඅ විසින් නවතා ඔවුන් සියල්ලන්ම කොල්ලකා පළාගොස් තිබේ.
සියලුම සේවකයන්ගේ ජංගම දුරකථන කොල්ලකරුවන් විසින් කොල්ලකා ඇත.
එමලෙස කොල්ලකෑමට ලක්වූ කාර්මික කම්කරුවන් 70 න් 08 දෙනකු කාන්තාවන් වූ අතර 62ක් පිරිමින් විය.
දිගින් දිගටම පවතින දුර්වල නීති ක්‍රියාත්මකවීම මධ්‍යයේ, මෙය මෑතකදී සිදු වූ පළමු සිදුවීම නොවේ.
මීට පෙර සැප්තැම්බර් 07වැනි දින කරච්චි හි කොරංගි දිස්ත්‍රික්කයේදී සන්නද්ධ කොල්ලකරුවන් විසින් සොරකම් කිරීමට ප්‍රතිරෝධය දැක්වීම හේතුවෙන් පිය-පුතු දෙපළක් අමානුෂික ලෙස ඝාතනය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart