
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවම වශයෙන් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත වාහන 28ක් රක්ෂණය කර නොමැති බව මෑත කාලීන විගණන වාර්තාවකින් හෙළි වී ඇතැයි වාර්තා වේ.
විගණන වාර්තාවේ දැක්වෙන්නේ එම වාහන අතුරින් 13ක් අධි ආරක්ෂිත වාහන වන අතර, එම වාහනයක මිල රුපියල් මිලියන 250ත් 300ක් අතර මිලකට තක්සේරු කර ඇති බවයි.
මෙම ආරක්‍ෂිත වාහනවල වටිනාකම ඉහළ බැවින් වාර්ෂිකව එක් වාහනයකට රක්ෂණ ගෙවීමක් ලෙස රුපියල් මිලියන 20ක් පමණ අවශ්‍ය වන බව පැවැසේ.
මෙම අධික පිරිවැය සැළකිල්ලට ගෙන එම වාහන රක්ෂණය සඳහා ලියාපදිංචි කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු විගණකාධිපතිවරයාට දන්වා ඇත.
රටේ පවතින නීතිරීතිවලට අනුව ක්‍රියා නොකරන්නේ නම් එම අවශ්‍යතා සපුරාලීම සඳහා විකල්ප ප්‍රතිපත්තිමය තීරණ හඳුන්වා දිය යුතු බව පවසන විගණන වාර්තාව එය ඉටු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය අපොහොසත් වී ඇති බව පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart