
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුකුළු මස් මිල අඩුකිරීම සම්බන්ධයෙන් අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වෙළඳ අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.
මෙම සාකච්ඡාව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු සහ කුකුළු නිෂ්පාදකයන් අතර පැවැත්වීමට සැලසුම් කර ඇත.
රුපියල් 1250 ක මිලකට මේ වනවිට වෙළඳපොළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක් අලෙවි වේ.
එම මිල රුපියල් 200 කින් පමණ අඩු වියයුතු බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පෙන්වාදෙයි.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයන් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩුකිරීමට එකඟවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි.
එසේ නොවුණහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් අද දිනයේදීම තීරණයක් ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart