
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් ස්ථානය තුළදී සිය බිරිඳට පිහියකින් ඇණීමට සූදානම් වූ පොලිස් කොස්තාපල්වරයකු නාගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.
පොලිස් කොස්තාපල් සැමියා සමඟ ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මෙම බිරිඳ නාගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල විභාග කිරීමට නාගොඩ පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි පොලිස් කොස්තාපල්වරයා බිරිඳට පිහියකින් ඇනීමට සූදානම් වූ බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නාගොඩ පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart