
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුවන් දෙදෙනාට වස මිශ්ර ආහාර ලබාදී ඝාතනය කිරීමට තැත්කළ පියෙකු පූඩළුඔය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පූඩළුඔය, හැරෝවත්ත උඩ කොටස ප්රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.
එකොළොස් හැවිරිදි හා අට හැවිරිදි දරුවන් දෙදෙනාට මෙලෙස ආහාරවලට වස මිශ්ර කර ඔහු ද වස පානය කර සිය දිවි නසාගැනීමට තැත්කර ඇති බව පොලීසිය පවසයි.
මෙම අපරාධය සිදුකිරීමට හේතු වී ඇත්තේ ඔහුගේ බිරිඳ ආරවුලක් මත නිවසින් පිටව කොළඹ ප්රදේශයට පිටත්ව යෑම බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
මීට පෙරද සැමියාගේ බීමත්කම හේතුවෙන් ආරවුල් ඇතිකරගෙන බිරිඳ නිවසෙන් මෙලෙස පිටව ගොස් ඇති බවද වාර්තා සදහන් කරයි.
දරුවන් දෙදෙනා සහ පියා මේ වන විට ප්රතිකාර සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart