
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ මෑතදී සජීවීව විකාශනය කළ සංවාදයකදී, ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ (X හෙවත් Twitter) හිමිකරු එලෝන් මස්ක් ප්‍රකාශ කරන ලද්දේ, සියලුම පරිශීලකයින් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.
මෙම පියවර පැමිණෙන්නේ ට්විටර් වේදිකාවේ ඇති නිරන්තර ගැටළු විසඳීමේ උත්සාහයක් ලෙස ය.
මස්ක් මෙහිදී සඳහන් කළේ නාමික ගාස්තුවක් අයකිරීම මගින් හඳුනාගත් ගැටළු කිහිපයක් විසන්දාගැනීමේ හැකියාව පවතින බවයි.
සියලුම X හෙවත් ට්විටර් භාවිත කරන්නන් සඳහා ගාස්තු ක්‍රියාත්මක කිරීමේ මෙම සංකල්පය මුළුමනින්ම අලුත් එකක් නොවේ.
පසුගිය වසරේදීද මස්ක් එය යෝජනා කර ඇත.
දැනට සමාගම විසින් X Premium නමින් අතිරේක වාරික සේවාවක් ලබාදෙන අතර එය මසකට ඩොලර් 08ක මුදලකට ලබාගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart