
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘අමෙරිකානු බුලි XL’ නම් සුනඛ විශේෂය තහනම් කිරීමට එංගලන්තය පියවර ගෙන ඇත.
පසුගියදා වොල්සාල්හි අමෙරිකානු බුලි සුනඛයෙක් විසින් කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.
එමෙන්ම බර්මින්හැම්හි බෝඩ්ස්ලි ග්රීන්හිදී 11 හැවිරිදි ගැහැණු ළමයෙක් සහ පිරිමින් දෙදෙනෙක්ට මෙම සුනඛයෙක් පහර දී ඇත.
ඒ අනුව, එංගලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක වන නීතියක් යටතේ මෙම වසර අවසන් වන විට එම සුනඛයන් තහනම් කරන බව අගමැති රිෂි සුනක් සඳහන් කර තිබේ.
අයිතිකරුවන්ට ඔවුන්ගේ සුනඛයන් ලියාපදිංචි කර යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති අතර, වන්ධ්‍යාකරණය කිරීමට අවශ්‍ය වනු ඇතැයි එරට ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි ක්‍රිස්ටීන් මිඩ්ල්මිස් පවසයි.
අයිතිකරුවන් මෙම ක්‍රියාවන්ට අනුකූල වන්නේ නම් ඔවුන්ට සුනඛයාව ළඟ තබා ගැනීමට හැකි වනු ඇති බව පශු වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart