
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපන් ජනතාවගෙන් සියයට 10කට වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු 80 හෝ ඊට වැඩි වයස් සීමාව පසුකර ඇති බව නව නිල දත්ත අනාවරණය කර ඇත.
වයෝවෘද්ධ දිනය සඳහා යෙදෙන ජාතික නිවාඩු දිනයට පෙර, අද නිකුත් කරන ලද රජයේ දත්තවලට අනුව, 65 හෝ ඊට වැඩි ජපානයේ ජනගහනයේ කොටස වසරකට පෙර පැවැති සියයට 29 සිට මේ වන විට සියයට 29.1 දක්වා වර්ධනය වී ඇති බව පෙන්නුම් කරයි.
“ලෝකයේ වැඩිම වැඩිහිටි ජනගහන ප්‍රතිශතය ජපානයේ” යැයි රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
දශක ගණනාවක් තිස්සේ, ජපානයේ අස්ථාවර රැකියා සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් යෞවනයන් විවාහය සහ දරුවන් ප්‍රමාද කිරීම නිසා එහි ජනගහනය අඩු වී වයසින් වැඩී ඇත.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, රැකියා පිරවීමට සහ විවිධ සමාජ සහ සුබසාධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් තරුණ තරුණියන් නොමැති අතර, වයෝවෘද්ධ සත්කාර සඳහා වැය වනරජයේ පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
මෙම තත්වය හේතුවෙන් මිලියන 09 කට වැඩි වැඩිහිටියන් පිරිසක් වැඩකරමින් සිටින අතර, ශ්‍රම බලකායෙන් සියයට 13.6 ක් හෝ ජපානයේ කම්කරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart