
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෙවීගිය පැය 24 ඇතුළත පමණක් චීනය තායිවානය දෙසට යුද ගුවන් යානා 103ක් යවා ඇත.
එය මෑත කාලයේ වාර්තාවක් බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඉරිදා පෙරවරු 06 සිට සඳුදා පෙරවරු 06 දක්වා කාලය තුළ මෙම ගුවන් යානා හඳුනාගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් සුපුරුදු පරිදි, එම යානා තායිවාන ගුවන් සීමාව ආසන්නයට පැමිණ ආපසු හැරී ගොස් තිබේ.
තායිවානය තම භූමියේ කොටසක් ලෙස ප්‍රකාශ කරන චීනය, දෙරට අතර සහ එක්සත් ජනපදය සමඟ ආතතීන් වර්ධනය වී ඇති හෙයින්, තායිවානය අවට ගුවනේ සහ සාගරයේ වැඩි වැඩියෙන් විශාල මිලිටරි අභ්‍යාස සිදු කරමින් සිටී.
එක්සත් ජනපදය තායිවානයේ ප්‍රධාන ආයුධ සැපයුම්කරු වන අතර, බලහත්කාරයෙන් තායිවානයේ තත්ත්වය වෙනස් කිරීමට දරන ඕනෑම උත්සාහයකට විරුද්ධ වන බව චීනය ප්‍රකාශ කර ඇත.
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය චීන හමුදා ක්‍රියාමාර්ගය “හිරිහැරයක්” ලෙස හැඳින්වූ අතර, එය වත්මන් නොසන්සුන් වාතාවරණය තවදුරටත් උත්සන්න කළ හැකි බවට අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart