
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජීප් රථයක පැති කණ්නාඩි කණ්නාඩි ගලවනු ලැබූ සොරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බම්බලපිටිය පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අලූත්කඩේ අංක හය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා සඳහන් කරයි.
පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ දී සිටින අවස්ථාවේදී ෆොන්සේකා මාර්ගය දෙසින් ශබ්දයක් ඇසී බලන විට ජීප් රථයක පැති කණ්නාඩි දෙක යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් ගලවන අයුරු නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කොස්තාපල්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එක් සැකකරුවකු තියුණු ආයුධයකින් නිලධාරියාගේ දකුණු අත කපා තිබෙන බව බම්බලපිටිය පොලීසිය පවසයි.
සැකකාර පුද්ගලයන් දෙදෙනා විසින් ගලවන ලද පැති කණ්නාඩි දෙක බම්බලපිටිය පොලීසියට සතුව තිබෙන අතර, එම සොරකමට පැමිණි පුද්ගලයින් සොයා පොලිසිය ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart