
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව (South China Sea Buddhist Shenzhen Roundtable) ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
එහි සත්කාරකත්වය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සිදු කිරීමට නියමිත අතර සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඔක්තොබර් 24 වනදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
චීනයේ ෂෙන්සෙන්හි හොංග්ෆා විහාරස්ථානයේ (Hongfa Temple) මූලිකත්වයෙන් 2016 වර්ෂයේ සිට සංවිධානය කරනු ලබන දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව වාර්ෂිකව අන්තර්ජාතික කථිකාවතක් ලෙස පැවැත්වෙන බවත් “සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” (Walk Together in Harmony and Gather the Wisdom of the Silk Road) තේමාව යටතේ රටවල් 22ක සහභාගීත්වයෙන් මෙවර එය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
මෙම සමුළුව සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන වලින් ඉටුකර ගැනීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳව ද මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart