
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආරක්‍ෂක සේනා මූලස්ථානය – යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වන මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් යාපනය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර 580.16 ක දුරක් පාගමනින් පැමිණියේය. පසුගිය සැප්තැම්බර් මස 05 (අඟහරුවාදා) දින පේදුරුතුඩුවෙන් ආරම්භ කරනු ලැබූ පා ගමන සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින උදෑසන දෙවුන්දරතුඩුවෙන් සාර්ථකව නිමා කළේය.
මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක පසුකරමින් දින 12 කට පසු දෙවුන්දරතුඩුවට පැමිණියේය.
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස – මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී දසනායක, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒ.කේ.ඩී අධිකාරි යූඑස්පී, 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න වෙත සුභ පැතුම් පිරිනැමීම සඳහා දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාල පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.
කිලෝමීටර් 580.16 ක දුරකින් සමන්විත පාගමන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ නියෝජිත සාමාජිකයින් විසින් නව සෙරන්ඩිබ් ලෝක වාර්තා සඳහා වූ සහතිකය මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න වෙත භාර දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart