
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තා ලෝක කුසලාන අවසන් ප්‍රදානෝත්සවයේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩිකා ජෙනී හර්මෝසෝ සිපගැනීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හේතුවෙන් ලුයිස් රුබියල්ස් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
33 හැවිරිදි ජෙනී හර්මෝසෝ අදාළ සිපගැනීම සිය කැමැත්තකින් සිදුවූවක් නොවන බව පවසමින් ලුයිස් රුබියල්ස්ට එරෙහිව පසුගිය අඟහරුවාදා නීතිමය පැමිණිල්ලක් ගොනු කළාය.
නිවේදනයක් නිකුත් කරමින්, ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ වැඩබලන සභාපති පේද්රෝ රොකා වෙත ඉල්ලා අස්වීම භාර දුන් බව රුබියල්ස් සඳහන් කරයි.
හාදුවෙන් ඇති වූ ආන්දෝලනය මෑත සතිවල ස්පාඤ්ඤ පාපන්දුව ගිලගත් අතර, ස්පාඤ්ඤයේ ලෝක කුසලාන ජයග්‍රහණය යටපත් කර ඇත.
ලිංගික අතවර සහ බලහත්කාරය සම්බන්ධයෙන් අඟහරුවාදා හර්මෝසෝගේ පැමිණිල්ලෙන් පසුව, සිකුරාදාපොලිසිය ස්පාඤ්ඤයේ මහාධිකරණයට රුබියල්ස්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය.
ලෝක කුසලාන ජයග්‍රාහිකාවන් 23 දෙනාම ඇතුළුව ස්පාඤ්ඤ ක්‍රීඩකයන් 81ක් පමණ පවසා ඇත්තේ, රුබියල්ස් ඔහුගේ තනතුරේ සිටියදී නැවත ජාතික කණ්ඩායමට ක්‍රීඩා නොකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart