
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ශ්රී ලංකා නායක අර්ජුන රණතුංග විසින් අන්තරජාතික ක්රිකට් කවුන්සිලයට සහ ආසියානු ක්රිකට් කවුන්සිලයට බලයක් නොමැති බවට චෝදනා කරමින්, 2023 ආසියානු කුසලානය කාලසටහන් වෙනස් කිරීම පිළිබඳව ඔහුගේ කලකිරීම ප්රකාශ කර තිබේ.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැති සුපිරි 04 වටයේ තරඟ දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් අර්ජුන මෙලෙස සිය අප්රසාදය පළකර ඇත.
2023 මුල් ආසියානු කුසලානය සඳහා අතිරේක දිනයක් වෙන්කර ඇත්තේ අවසන් තරගයට පමණකි.
කෙසේ වෙතත්, කොළඹ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැති සුපිරි 04 වටයේ තරඟය සඳහා ආසියානු ක්රිකට් කවුන්සිලය විසින් අතිරේක දිනයක් ප්රකාශයට පත්කරන ලදී.
අපේක්ෂා කළ පරිදිම වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 24.1 ක් පමණක් ක්රීඩා කිරීමට හැකි වූ අතර, තරඟය අතිරේක දිනය දක්වා ගමන් කරමින් ඉන්දියාවට ජයග්රහණය ලබාගැනීමට ඉඩ ලබාදුන්නේය.
ශ්රී ලංකා සහ බංගලාදේශ ප්රධාන පුහුණුකරුවන් මෙම අතිරේක දිනය පිළිබඳව කනස්සල්ල පළකර තිබුණද, පසුව ප්රකාශයක් නිකුත් කරමින් කණ්ඩායම් දෙකම සඳහන් කළේ ඉන්දියාවට එරෙහිව පාකිස්ථානයට අතිරේක දිනයක් ලබාදීමට තීරණය කළේ සියලුම කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවයි.
“ICCය කියන්නේ දත් නැති කොටියෙක්. ඔවුන් ඉතා වෘත්තීය විරෝධි ලෙස කටයුතු කරනවා. මම හිතන්නේ ඔවුන් තමයි ක්රිකට් ආරක්ෂා කළ යුත්තේ. අවසාන වශයෙන් ක්රිකට් පාලනය කළ යුත්තේ ICC විසින් මිස රටක් විසින් නොවේ. ආසියානු කුසලානයේදී ඔබට නීති රීති තිබුණා. ඔබ එක් තරගයක් සඳහා නීති වෙනස් කළා. ඉතින් ආසියානු ක්රිකට් කවුන්සිලය කොහෙද? කෝ ICC?” අර්ජුනගේ ප්රකාශය PTI පුවත් ඒජන්සිය උපුටා දක්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart