
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර හඟුරන්කෙත ප්‍රධාන මාර්ගයේ 16 කණුව අසල වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට තලාතුඔය පොලීසිය සමත් වී තිබේ.
40mm බෝම්බ විදිනයක් ආධාරයෙන් පිපිරවීමට යොදාගන්නා බෝම්බයක්, LMG වර්ගයේ උණ්ඩ නවයක්, 50 MM වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩයක්, ජීව අත්බෝම්බ 03ක් මෙලෙස පොලිසිය විසින් සොයාගත් බව අනාවරණය වේ.
කලකට පෙර කිසියම් පුද්ගලයකු විසින් මෙම ස්ථානයට මෙම පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් දමා ඇති බවට කරුණු හෙළි වී ඇති අතර අඹකොටේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කැඳවා මෙම පුපුරන ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමට පොලිසිය පියවර ගත් බව වැඩිදුරටත් තලාතුඔය පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart