
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) දකුණු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ නළුවන් කිහිපදෙනකුට රතු කාඩ්පත් නිකුත් කර ඇත.
ඒ අනුව ධනූෂ්, සිලම්බරසන් (සිම්බු), විශාල් සහ අතර්වා වෙත මෙසේ රතු කාඩ්පත් නිකුත්කර තිබේ.
එම කවුන්සිලය විසින් පෙර නොවූ විරූ පියවරක් ගැනීමත් සමඟ මේ වනවිට දෙමළ චිත්‍රපට කර්මාන්තයේ සැළකිවයුතු පෙරළියක් ඇතිවී ඇත.
මේ අතර, සිම්බු, විශාල්, එස්.ජේ. සූර්යා, අතර්වා සහ යෝගී බාබු හට ඔවුන්ගේ සහයෝගය නොමැතිකම සහ මතභේදවලට සම්බන්ධ වීම හේතුවෙන් එම කවුන්සිලයෙන් පසුගිය ජූනි මාසයේදී අවවාද ලැබී ඇත.
රතු කාඩ්පත් මෙම නළුවන්ට දැඩි දඬුවමක් වන අතර, නැවත දැනුම්දෙන තුරු කිසිදු දෙමළ සිනමා නිෂ්පාදකයෙක් සමඟ වැඩකිරීම තහනම් කරයි.
මෙම නළුවන් ඔවුන්ගේ මූල්‍ය වගකීම් සමථයකට පත්කරන තෙක් හෝ නිෂ්පාදකයන් සමඟ ඇති ආරවුල් විසඳන තුරු, රතු කාඩ්පත් අත්හිටුවීම යටතේ ඔවුන්ට කිසිදු දෙමළ චිත්‍රපටයකට සහභාගී වීමට අවසර නොලැබේ.
එවැනි රතු කාඩ්පතක් නළුවෙකුගේ වෘත්තීය ජීවිතයට සැළකිව යුතු ලෙස බලපාන අතර, ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් සහ අනාගත අවස්ථා සීමාකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart