
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් මෙන්ම සෟජුවම ද මිනිසාට බෝවිය හැකි නිපා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව පස් දෙනෙකු දක්වා ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දැඩි සෞඛ්‍ය සීමා පනවා ඇති බව වාර්තා වේ.
මොලයට හානි කරන මෙම වෛරසය වැළදීම හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ දෙදෙනෙකු දැනටමත් මියගොස් තිබේ.
මේ පසුබිම තුළ වෛරසයට නිරාවරණය වූ බවට සැක කෙරෙන සෞඛ්‍ය සේවකයන් 153 දෙනෙකු ඇතුළු 706 දෙනෙකු විශේෂයෙන් නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇත.
කෙසේවෙතත්, මෙතෙක් ඔවුන් අතරින් කිසිවෙකුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අවදානම් කලාපවල පාසල් තාවකාලිකව වසා දැමීම, විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වැනි ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට කේරල ප්‍රාන්තයේ සෙෘඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart