
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෝපායි පොලිස් වසමට අයත් ලැගුමිහලක වසා ඇති කාමරයක් තුළ තිබී මියගිය දැරියකගේ සිරුරක් පෙරේදා (12) කෝපායි පොලිසිය විසින් සොයාගෙන ඇත.
ලැගුම්හලේ සේවයකරන්නෙක් විසින් එම කාමරයෙන් හඹා ආ දුර්ගන්ධය හේතුවෙන් මේ පිළිබදව කෝපායි පොලිසියට දැනුම්දී තිබේ.
එම දැනුම්දීමෙන් අනතුරුව කෝපායි පොලිසිය එහි ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
එහිදී එම කාමරයේ එක් ඇදක දින කිහිපයකට පෙර මියගිය දැරියකගේ මෘත ශරීරයක් හමුවී තිබේ.
අනෙක් අදෙහි සිහිසුන්ව කාන්තාවක් සිටි අතර, පොලිසිය විසින් ඇයව රෝහල් ගතකර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12 ක් වු පල්ලිය පාර , ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සිහිසුන්ව සිටි කාන්තාව ඇගේ මිත්තනිය වේ.
මියගිය දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පළමු විවාහයේ දැරිය බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් දෙදෙනා පසුගිය 09 වැනිදා ලැගුම්හලට පැමිණ ඇත.
ඝාතනය කළායි යැයි සැකකෙරෙන මිත්තනිය විසින් දෙමළ භාෂාවෙන් ලියූ ලිපියක් දැරිය මියගිය කාමරයේ තිබී පොලිසිය සොයාගෙන ඇත.
” මට මැරෙන්න හිතෙනවා. මම මැරුණොත් මගේ මිණිබිරිය තනිවෙනවා. ඒ නිසා අපි දෙන්නාම මැරෙන්න තීරණය කළා. අපේ මරණවලට වෙන කවුරුත් වගකිව යුතු නෑ…” යනුවෙන් එම ලිපියේ සඳහන්ව ඇත.
පොලිස් පරීක්ෂණ වලට අනුව අනාවරණය වූයේ මිත්තනිය විසින් , ඉන්සියුලින් එන්නතක් සහ නිදි පෙති 10 ක් ලබා දී දැරිය ඝාතනය කර ඇති බවයි.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 63 හැවිරිදි මිත්තනිය පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, කෝපායි පොලිසිය විසින් කාමරයේ තිබී හමුවු ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart