
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.09.13 වන දින තෙල්දෙණිය පොලිස් වසමේ පහළ කොලොංගහ වත්ත හංදිය අසල දී වැටළීමක් සිදුකර ඇත.
එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 140 ක් සන්තකයේ තබාගෙන සිටි කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මෙම පුද්ගලයා කෙන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන ‘මුගටියා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයා බවට කරුණු අනාවරණය කරගෙන ඇත.
මොහු වසර 13 ක් බන්ධනාගාරගතව සිට ඇති අතර, පල්ලේකැලේ (බෝගම්බර) බන්ධනාගාරයේ රැදවියන් වෙත දුම්කොළ ආදිය තාප්පය මතින් සුක්ෂමව සපයනු ලබන පුද්ගලයකු බවටද හඳුනාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart