
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල අවකාශයේ සිදුකරන යම් මහාපරිමාණ ව්‍යාපාර මගින් රජයට කිසිදු අදායමක් නොලැබෙන බවත්, ඒ හේතුවෙන් මෙරට සියලු ව්‍යාපාර එක් පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කඩිනමින් සිදු කළයුතු බවත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉදිරියේ අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළිවිය.
මෙහිදී ව්‍යාපාර ලියාපදිංචි කටයුතු සිදුකිරීමේ ක්‍රියාවලිය තුල මතුව ඇති ගැටලු හා එම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ජා විය.
කාරක සභා සභාපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පැයක් තුළ අවසන් කරන ආකාරයේ කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දියයුතු බවයි.
ඒ අනුව මෙරට සියලුම ව්‍යාපාර QR කේතයක් යටතේ ලියාපදිංචි කිරීමට කමිටුව නිර්දේශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart