
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවක සමඟ කෙටි පණිවිඩ හුවමාරු කරගත් පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට එම කාන්තාව සහ ඇයගේ සැමියා ඇතුළු 05දෙනකු සපුගස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුණු පොත හරහා හඳුනාගෙන ඇති මෙම ඝාතනයට ලක්වූ 21 හැවිරිදි පුද්ගලයා විසින් කාන්තාව සමග කෙටි පණිවිඩ හුවමාරු කරගෙන තිබූ බව විමර්ශනවලදී හෙළිවී ඇත.
පසුගිය අප්‍රේල් මස 19 වැනි දින කාන්තාවගේ සැමියා ඇතුළු පිරිස මෙම තරුණයා පැහැරගෙන ගොස් පහර දී පමුණුවිල කනත්ත ඉදිරිපිට දමාගොස් තිබේ.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා බඹරගම පල්ලේබෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තාවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart