
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති ඇමැති හරීන් ප්‍රනාන්දුට එරෙහි පරීක්ෂණ අවසන් කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ප්‍රනාන්දු ඇමැතිවරයා මීට පෙර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.
අදාළ පෙත්සම බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව අධිකරණයට දන්වා සිටියේය.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සම්පාදනය කරන ලද විමර්ශන ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇමැතිවරයාට එරෙහි පරීක්ෂණ අවසන් කරන ලෙස නීතිපතිවරයා ජුනි 20 වැනිදා පොලිසියට උපදෙස් දුන් බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.
එසේ වුවද මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යා යුතුද යන්න තීරණය කිරීම සඳහා විනිසුරු ජනක් ද සිල්වා හැර, විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සැප්තැම්බර් 18 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart