
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙනෙන ආකාරයට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ විශාල රසිකයෙකි.
“රොකී” නොහොත් “රැම්බෝ” තරුව පසුගිය සැප්තැම්බර් 08වැනිදා දින වතිකානුවට ගිය අතර ඔහුගේ බිරිඳ ජෙනිෆර් සහ ඔහුගේ දියණියන් තිදෙනා වන සොෆියා, සිස්ටීන් සහ ස්කාර්ලට් සමඟ පාප් වහන්සේ හමුවිය.
වතිකානු ප්‍රවෘත්ති අංශය විසින් නිකුත් කළ මෙම හමුවට අදාළ වීඩියෝවක දැක්වෙන්නේ ස්ටැලෝන් සහ පාප් වහන්සේ ඉතාම සුහදව එකිනෙකා සමග කතාබහේ නිරතවන බවයි.
එසේම තමා ස්ටැලෝන්ගේ විශාල රසිකයෙක් බව පාප් වහන්සේ එහිද ප්‍රකාශ කරති.
“ඔබේ කාර්යබහුල දවසෙන් කාලය වෙන්කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි,” ස්ටාලෝන් පාප් වහන්සේට පැවසුවේ ඔහුව තම පවුලට හඳුන්වාදෙමිනි “අපි මෙය ඉතා අගය කරනවා.”
ස්ටැලෝන් පුදුමයට පත් කරමින් පාප් වහන්සේ පැවසුවේ “එය මට ගෞරවයක්” කියාය. “අපි හැදී වැඩුණේ ඔබේ චිත්‍රපට සමඟයි” උන්වහන්සේ පවසති.
ස්ටැලෝන්ගේ මෙම වතිකානු සංචාරය සිදු වූයේ ඔහුගේ නව Netflix වාර්තා චිත්‍රපටය සැප්තැම්බර් 16 වැනිදා ටොරොන්ටෝ චිත්‍රපට උළෙලේ සමාප්ති රාත්‍රියේ තිරගත වීමට පෙරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart