
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්ථීර පදිංචිය අපේක්ෂාවෙන් දෙගිඩියාවෙන් පෙළෙන පවුල් දහස් ගණනක් දැනුවත් කිරීම සඳහා සිඩ්නි වෙත කිලෝමීටර් 1,000 පාගමනින් ගිය ශ්‍රී ලාංකික සරණාගතයකු වන නීල් පැරාට සහ ඔහුගේ පවුලට එරට රජය ස්ථිර පදිංචිය පිරිනැමීමට තීරණය කර ඇත.
2008 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පලායෑමෙන් පසු, පැරා, ඔහුගේ බිරිඳ සහ දියණියන් තිදෙනා වසර නවයකට වැඩි කාලයක් රැකියාවක් කිරීමට හෝ ඉගෙනීමට හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැතිව වික්ටෝරියානු නගරයක් වන බැලරට් හි ජීවත් වූහ.
කෙසේවෙතත් පසුගිය සිකුරාදා පැරාට සහ ඔහුගේ පවුලේ අයට ස්ථිර පදිංචිය ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
පවුලේ ආගමන නීතීඥ කරීනා ෆෝර්ඩ් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, පැරාගේ පා ගමන අවසානයේ පවුලට වීසා ලබාදුන් බවයි.
“එය ඇත්තෙන්ම සතුටුදායක තීරණයක්. නීල් සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම කරණය වන්නේ, ඔහු බැලරට් නගරයට එතරම් ශ්‍රේෂ්ඨ ප්‍රජා මිනිසෙකු බවට පත්ව තිබීමයි,” යැයි ෆෝඩ් පවසා ඇත.
ඕස්ට්‍රේලියාවේ දශකයකට වැඩි කාලයක් ජීවත් වූ පුද්ගලයන් 12,500ක් පමණ සිටින නමුත් නව ‘තත්ව වීසා යෝජනාවට’ අනුව ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart