
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා සේවය ලබාදෙන විශේෂඥයකුගේ වියදම ජපානය විසින් දරනු ඇති බව ජයිකා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් මේ කටයුත්ත වෙනුවෙන් වසර 25 ක පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු පත්කර ඇත.
ඔහු “ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට උපාය මාර්ගික මග පෙන්වීමක් ලබා දෙනු ඇත, … තාක්ෂණික, බලශක්ති ප්‍රතිපත්ති සහ නියාමන ගැටළු වලට අදාළ විසඳුම් ඉදිරිපත් කරයි” යනුවෙන් ජයිකා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මෙම අරමුදල් ජයිකා ආයතනයේ තාක්ෂණික ආධාර ප්‍රදානයකින් ආවරණය කෙරේ.
මෙම තාක්ෂණික සහයෝගිතාව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන උපදේශකවරයා විසින් විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ උපදේශන සේවා සඳහා මූල්‍යාධාර ලෙස සපයනු ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනේ කොන්දේසියක් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart