
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධ පළමු සමාලෝචනය පිළිබඳව 14 වැනිදා සිට මෙරට නිලධාරීන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි අද (11) මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය තහවුරු කර ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කණ්ඩායම 14 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ කොළඹ රැඳී සිටීමට නියමිත බව එම අරමුදලේ ප්‍රකාශකයෙක් මීට පෙර සඳහන් කර තිබේ.
මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා පසුගිය මාර්තු මාසයේදී IMF විධායක මණ්ඩලය විසින් ඩොලර් බිලියන 03ක මුදල විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48ක දීර්ඝ වැඩපිළිවෙලක් අනුමත කර ඇත.
එමෙන්ම මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය මත ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ පාලනය සහ වර්ධන විභවයන් ශක්තිමත් කිරීම අරමුදල් පහසුකමේ (EFF) අරමුණු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart