
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු මහලේකම් දයාසිරි ජයසේකර නොමැතිව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (08) පස්වරුවේ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට ආසන සංවිධායකයන් කැදවීමට නියමිත බව වාර්තා වේ.
මේ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර හැර සෙසු ආසනවල සංවිධායන් සහභාගී වීමට නියමිත බව පැවැසේ.
පඬුවස්නුවර ආසනයේ සංවිධායකවරයා දයාසිරි ජයසේකර වන අතර ඔහු ශ්‍රීලනිප මහලේකම්ධූරයෙන් ඉවත් කිරීම සහ පක්ෂ සාමාජීකත්ව තාවකාලීකව අත්හිටුවීම පිළිබදව මෙන්ම, පක්ෂයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා කරයි.
මෙම සාකච්ඡාවෙන් පසුව පක්ෂයේ සංවිධායකධූරයන්වල වෙනස්කම් සිදු විය හැකි බවත්, ලබන සඳුදා (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීමට නියමිතව ඇති බවත් වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart