
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 අ.පො.ස උසස් පෙළ (උ/පෙළ) විභාගය කල් දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේය.
ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා කියාසිටියේ උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට නියමිත බවයි.
“එවැනි කල්දැමීමක් කකළොත් සාමාන්‍ය පෙළ (සා.පෙළ) ඇතුළු විභාග දිගු කාලයක් ප්‍රමාද වෙනවා. විභාග කාලසටහන් සහ පාසල් කාලසටහන් යළිත් එමගින් ව්‍යාකූල වෙනවා. විභාග හා අධ්‍යයන කාලසටහන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක අවශ්‍ය කැපවීම් කිරීම සහ ඒවාට සහාය වීම කාගේත් වගකීමක් ” යැයි ඔහු පැවැසීය.
එසේ නොවුණහොත් සිදුවන සියලු පාඩ දරුවන්ට විඳදරාගැනීමට සිදුවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart