
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යැන් 6(Shi Yan 6) මෙරටට පැමිණෙන දිනය සහ එය ක්‍රියාත්මක වන ප්‍රදේශ පිළිබඳ අවසන් තීරණය ගැනීම කිරීම විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් සිදුකර, අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
එම තීරණය ඉක්මණින් ගනු ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.
මෙම නෞකාවට මේ වන විටත්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ ශ්‍රී ලංකා මුහුදේ පර්යේෂණ සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලට අනුව, ෂී යැන් 6 සඳහා නාරා ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා ජලය පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර, NARA සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන දෙඅංශයේම ඉල්ලීම මත එම අනුමැතිය ලබා දී ඇත.
පසුගිය වසරේ (2022) අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාවක් වන යුවාන්ග් වැන්ග් 5 මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාවෙන් ආරක්ෂක ගැටළු මතුකළ අතර, මෙම නව නෞකාව සම්බන්ධයෙන්ධ එවැනිම අනතුර ඇඟවීම් සිදුකර ඇත.
NARA ආයතනය පවසන්නේ, පැවසුවේ ෂී යැන් 6 විසින් රැස් කරන ලද සියලුම දත්ත ඔවුන් සන්තකයේ පවතින බවත්, එම දත්ත ශ්‍රී ලංකා රජය සතු දේපළ ලෙස සළකන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart