
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ගේ අත් පා සපා කා තුවාල සිදු කළ කාන්තාවක් සොයා කහටගස්දිගිලිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
කහටගස්දිගිලිය පොලීසියේ නිලධාරීන් විසින් අපරාධයකට සම්බන්ධ සැකකරුවකු ඕලන්ද රෙපරමාදු පල්ලිය ඉදිරිපිටදී අත්අඩංගුවට ගැනීමට යෑමේදී, එම සැකකරු අත්අඩංගුවෙන් මුදවාගැනීමේ අදහසින් එම ස්ථානයේ සිටි කාන්තාවක් මෙලෙස පොලිස් නිලධාරීන් සපා කා ඇති බව වාර්තා වේ.
අදාළ කාන්තාවගේ සපාකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් කහටගස්දිගිලිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart