
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගත ශ්‍රමිකයන් සඳහා වන විද්‍යුත් වාහන බලපත්‍ර ක්‍රමය මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 22 කට වැඩි මුදලක් මෙරට ගෙන ඒමට හැකි බව ශ්‍රී ලංකා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කීරීම සඳහා ශ්‍රමිකයන් දිරිමත් කිරීමේ පියවරක් ලෙසින් විද්‍යුත් වාහන ආනයනය කීරීමට අවසර ලබාදී ඇත.
කෙසේවෙතත් අමාත්‍යංශය මෙසේ පවසන්නේ, විද්‍යුත් වාහන ආනයනය කිරීමට විදේශගත ශ්‍රමිකයන්ට ලබාදී ඇති අවකාශය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යංශය නිර්දේශ කර ඇති පසුබිමකය.
2023 සැප්තැම්බර් මස වන විට වාහන බලපත්‍ර 200 ආසන්න සංඛ්‍යාවක් අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති අතර වාහන ආනයනය සඳහා විදේශ ශ්‍රමිකයන්ගේ පෞද්ගලික විදේශ මුදල් සංචිත භාවිත කිරීමට හැකියාවක් පවතින බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ විෂය භාර ඇමැති මනූෂ නානායක්කාර පවසන්නේ, විදෙස්ගත වූවන් මෙරට ඩොලර් එවීමේදී ඇති වූ විශ්වාස සම්බන්ධ ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් විද්‍යුත් වාහන ආනයනය සඳහා ඇතැම් පාර්ශවයන් විරුද්ධත්වය දක්වන බවයි.
විදේශ විනිමය ප්‍රේෂණය කිරීමට ශ්‍රමිකයන් දිරිගැන්වීම තුළින් 2023 ජුලි වන විට ඩොලර් මිලියන 541 ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබුණු බවත්, එය පෙර වසරට සාපේක්ෂව සියයට 91කැපී පෙනෙන වර්ධනයක් බවත ඇමැතිවරයා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart