
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳ චරිතාපදානයක් වන ‘800’ දෙමළ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ (05) ඉන්දියාවේදී එළිදැක්වීය.
එම අවස්ථාවට මුත්තයියා මුරලිදරන් සමඟ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන වන සචින් තෙන්ඩුල්කාර් සහ සනත් ජයසූරිය සහභාගී වූහ.
මුරලිදරන්ගේ පන්දුවලට මුහුණ දිය යුතු ආකාරය සහ තෝරා ගත යුතු සංඥා මොනවාද යන්න පිළිබඳව ඉන්දියාව රැස්වීම් පැවැත්වූ ආකාරය සචින් ටෙන්ඩුල්කාර් එහිදී හෙළි කළේය.
මුරලිදරන් සඳහන් කර ඇත්තේ, සචින් ටෙන්ඩුල්කාර් යනු තමාව හොඳින් කියවීමට සමත් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනා අතර සිටි කෙනෙක් බවත්, අනෙකුත් ක්‍රීඩකයන් අතර ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා සිටින බවත්ය.
ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය ද මුරලිදරන් සමඟ නවතැන් කාමරය බෙදාගැනීමේ මතකයන් කිහිපයක් සඳහන් කර ඇත.
‘800’ චිත්‍රපටයේ මුරලිදරන් ලෙස Slumdog Millionaire චිත්‍රපටයෙහි නළු මධුරර් මිට්ටල් රංගනයෙන් දායක වේ.
එම්. එස්. ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මුරලිදරන් ලබාගත් වාර්තාගත කඩුලු සංඛ්‍යාව පිළිබඳ දක්වමින් දෙමළ, තෙළිඟු සහ හින්දි යන භාෂා ත්‍රිත්වයෙන් නිකුත් කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart