
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයකු සතුව තිබූ ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 25,300ක් බලෙන් පැහැර ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානවල අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු බව වාර්තා වේ.
පසුගිය ජූලි මස 24 වැනි දින රාජගිරියේ සුපිරි වෙළඳසැලක් ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව එම පුද්ගලයා පොලිස් නිලධාරීන් පැමිණි ත්‍රීරෝද රථයෙන් රැගෙන ගොස්, ඔහු සතුව තිබූ මුදල් සහ ජංගම දුරකථනය බලෙන් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන සිදුකර මෙම පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart