
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ නාන ළිඳක් අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ.
119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත වැල්ලම්පිට පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බව පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 50ත් 55ත් අතර වයසේ පසුවන උස අඩි 05 අඟල් 03ක් පමණ වන, අවසන් වරට දම්පාට පසුබිමේ සුදු ඉරි සහිත අත්කොට කමිසයක් සහ මිශ්‍ර වර්ණයෙන් යුත් සරමක් හැඳ සිටි බව පොලීසිය පවසයි.
හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart