
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසරේ (2022) රුපියල් බිලියන 207.3ක් වටිනා හානියට පත් හෝ විකෘති කළ මුදල් නෝට්ටු මිලියන 238.5කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ගුණාත්මක සහ පිරිසිදු මුදල් නෝට්ටු රට තුළ සංසරණය වීම සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බව මහ බැංකුව සඳහන් කර තිබේ.
එමෙන්ම 2018 වසරේදී රුපියල් බිලියන 252.2 ක් වටිනා විකෘති කළ නෝට්ටු මිලියන 343.8 ක් විනාශ කර ඇති බව මහ බැංකුවේ සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.
2019 වසරේදීද රුපියල් බිලියන 139.8 ක් වටිනා හානියට පත් හෝ විකෘති කළ මුදල් නෝට්ටු මිලියන 235ක් විනාශ කර ඇත.
2020 දී රුපියල් බිලියන 62.2 ක් වටිනා විකෘති කළ නෝට්ටු මිලියන 127.3 ක් සහ 2021 දී රුපියල් බිලියන 44.3 ක් වටිනා නෝට්ටු මිලියන 108.2 ක් විනාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart