
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිගම පොලිස් වසමේ නිවාඩු නිකේතනයක හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර එම නිවාඩු නිකේතනයට ගිනි තැබූ ඊජිප්තු ජාතිකයකු වැලිගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඊජිප්තු ජාතිකයා වලංගු වීසා බලපත්‍ර නොමැතිව වසර දෙකක අධික කාලයක් මෙරට රැඳීසිට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඊජිප්තු ජාතිකයාගේ තියුණු ආයුධ පහරට ලක්වූ නිවාඩු නිකේතන හිමිකරු වැලිගම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
නිවාඩු නිකේතනයට ගිනි තැබීමෙන් පසුව එම ස්ථානයේ රැඳී සිටි ඇමරිකානු ජාතික යුවලකගේ සහ රුසියානු ජාතිකයකුගේ දේපළවලට ද හානි සිදුව ඇති බව පොලිසිය අනාවරණය කරයි
මෙම ගිනි තැබීමෙන් ඊජිප්තු ජාතිකයාද තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart