
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ට්විටර් සහ යූටියුබ් යන සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පලකරන ලද පොස්ට් සහ වීඩියෝ හේතුවන් සෞදි අරාබියාව එරට පුරවැසියකුට මරණ දණ්ඩනය නියම කර ඇත.
ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර ඇති ආකාරයට මොහොමඩ් බින් නසාර් අල්-ගම්ඩි නමැති පුද්ගලයකුට මෙම දඬුවම නියම කර තිබේ.
ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ගෝලීය වශයෙන් සිය ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා දැවැන්ත ගොඩනැගිලි ව්‍යාපෘති සහ වෙනත් රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කරගෙන යන අතරතුර, රටේ සිදුවන ඕනෑම විරෝධයක් මැඩපැවැත්වීමට දරන පුළුල් උත්සාහයේ කොටසක් ලෙස විදෙස් ජනමාධ්‍යය මෙම දණ්ඩනය හඳුන්වා දී ඇත.
ත්‍රස්තවාදී නඩු විභාග කිරීම සඳහා ස්ථාපිත කරන ලද නමුත් දැන් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහි චෝදනා විභාග කරන සෞදි අරාබියේ විශේෂිත අපරාධ අධිකරණය විසින් ලබාදුන් මෙම දඬුවම පිළිබඳව අදහස් දැක්වීමට එරට බලධාරීන් කටයුතු කර නැත.
උසාවි ලේඛනවලට අනුව, අල්-ගම්ඩිට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට “ඔහුගේ ආගම පාවා දීම,” “සමාජයේ ආරක්ෂාවට බාධා කිරීම,” “ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ කිරීම” සහ “රාජ්‍යයට සහ ඔටුන්න හිමි කුමරුට දෝෂාරෝපණය කිරීම” ඇතුළත් වේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart