
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්ය රහස් හෙළි කිරීමේ චෝදනාව මත පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් යළි සති දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ඔහුගේ නීතිඥවරයා පවසයි.
විශේෂ අධිකරණයක් විසින් බදාදා ඇටෝක් නගරයේ බන්ධනාගාර පරිශ්රයේ නඩු විභාගය පැවැත්වීමෙන් පසු නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉම්රාන් ඛාන්ගේ සිරගත කිරීම සැප්තැම්බර් 13 දක්වා දීර්ඝ කර ඇත.
එක්සත් ජනපදයේ පකිස්ථාන තානාපතිවරයා විසින් එවන ලද රහසිගත කේබල් පණිවිඩයක අන්තර්ගතය ප්රසිද්ධියට පත්කිරීම සහ එය දේශපාලන වාසි සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් උසාවියට ඇප පෙත්සමක් ගොනුකර ඇති අතර, එය සෙනසුරාදා විභාග කරනු ඇතැයි ඉම්රාන් ඛාන්ගේ නීතීඥ නයීම් හයිඩර් පන්ජුතා සඳහන් කරයි.
ඉස්ලාමාබාද් මහාධිකරණයේ දූෂණ චෝදනා මත ඔහුගේ තෙවසරක සිර දඬුවම අත්හිටුවීමෙන් දිනකට පසුව ඛාන්ගේ නව සිරගත කිරීම සිදු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart