November 28, 2026

උදෑසන අධික රථවාහන තදබදය පවතින කාලය තුළ ගාලු පාර දෙපස නත්තල් සැරසිලි සවිකිරීමේ නිරත වූ සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් සිය අවධානය යොමු කර තිබේ.

පැහැදිලිව පෙනෙන ආරක්ෂිත හිස්වැසුම් (safety helmets) හෝ ආරක්ෂිත පටි (harnesses) නොමැතිව ලොරි රථයක් මත නැගී සැරසිලි කටයුතුවල නිරත වන සේවකයන් දෙදෙනකුගේ දර්ශන ඇතුළත් සටහනක් සිකුරාදා දින සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබිණි.

පෙරවරු 7.25ට පමණ දැකගත හැකි වූ බව කියන මෙම සිදුවීම, විශේෂයෙන්ම පාසල් සහ කාර්යාල වේලාවන්හිදී කොළඹ කාර්යබහුලම මාර්ගයක සේවක ආරක්ෂක පියවරයන් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකිරීමට හේතු වී ඇත.

ප්‍රමාණවත් රථවාහන පාලනයක් සහ සේවක ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේද යන්න ප්‍රශ්න කරමින්, මේ පිළිබඳව සොයාබලන ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත් කොළඹ මහනගර සභාව ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙය තම ආයතනය විසින් සිදුකරන ලද්දක් නොවන බවයි.